
අපි හැමෝම විවිධා කාරයෙන් අපේ උපන්දිනේ සමරනවා. සමහරුන් පවුලේ හැමෝටම එන්න කියලා ලොකු පාටියක් තියනවා. තව සමහරු යාලුවෝ එක්ක සෙට් වෙලා සමරනවා තවත් සමහරු පොඩියට සැමරුමක් කරනවා වගේම තව සමහරු ඒකත් සාමාන්‍ය දවසක් විදිහට ගෙවලා දානවා.
මේ අතරතුරු විශේෂ පිරිසකගේ අවධානයට ලක්වුණු උපන්දින සැමරුමක් පසුගියදා සිදුවුනා. මේ උපන්දින සැමරුම විශේෂ පිරිසකගේ අවධානයට ලක්වුනා කියන්න හේතුව තමයි මෙතන වුනේ සැමරුමක් නෙවෙයි. සුවිශේෂී සමාජ සත්කාරක මාලාවක්.
ඉන් මුලිකම වුන සමාජ සත්කාරකයා තමයි, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවන්ගේ ජිවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම. ඇත්තටම තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මෙහෙම දෙයක් කරේ අපි කවුරුත් දන්න ගුරුවරියක් වන ආචාර්ය හයේශික ප්‍රනාන්දු මහත්මිය.

ඒ වගේම ඇය විසින් නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් කාසල් විදියේ කාන්තා රෝහලේ ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන්ට වෙනුවෙන්ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
මීට අමතරව තවත් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයකටද එතුමියගේ පෞද්ගලික වියදමින් සිදුකරනු ලැබූ අතර, ගුරුවරියකු සතු උතුම් මානුෂිය ගුණය මෙහිදී පැසසුමට ලක්වීම විශේෂයි.




