Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ශ්‍රි ලාංකීය ජන මාධ්‍ය ඉතිහාසයේ සිටි එඩිතර මාධ්‍යවේදියා, වික්ටර් අයිවන් ! නුඹට සුභ ගමන්..!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාස කිහිපයක පටන් ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 76 වියේ පසු වුණා.

පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඔහු පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍ය‍ය වේදියකු ලෙස කටයුතු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා නිර්භීත වාර්තාකරණයට සහ තීව්‍ර අදහස් දැක්වීමට ප්‍රසිද්ධ වූ අතර, ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ප්‍රමුඛ චරිතයක් ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කළේය. මාධ්‍යවේදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ ඔහුගේ කැපවීම ඔහුට පුලුල් ගෞරවාදරයට පාත්‍ර විය.

අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ.

නිර්භීත මාධ්‍යකරණයක් ඔස්සේ රටත් ජනතාවත් අවදි කල වික්ටර් අයිවන් ජනමාධ්‍යවේදියානෙනි, ඔබට නිවන් සුවය ලැබේවා..!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!