තරු ගොසිප්

එයා එයාගේ පාර කපන් යයි කියලා හිතනවා..” බලාපොරොත්තු ගොන්නක් මැද ඒ ජනප්‍රිය රංගන ශිල්පියා අද ගෙවන ජීවිතය මෙන්න

ඔහුට ආදරය කරන රසික පිරිස බොහෝමයි..

රංගන ශිල්පියෙක් වගේම නර්ථන ශිල්පියෙක් ලෙසත් ප්‍රසිද්ධ කැලුම්ශ්‍රීට ආදරය කරන අය මොහු ගැන දැනගන්න කැමැතෙන් ඇති..
ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන මේ කඩවසම් රංගන ශිල්පියා ගැනයි අද අපි මේ කතා කරන්නේ..

මේ ගෙවීයන කාලය ඔබට දැන්නේ කොහොමද..?

අපි හිතුවා වගේම 2025දී වෙනසක් තමයි බලාපොරොත්තු වුණේ.. කලා ක්ෂේත්‍රයේදී වගේම අනිකුත් හැම දෙයක්ම හොඳින් ගලාගෙන යාවි කියලා, දවසින් දවස දියුණු වේවි කියලා විශ්වාසෙන් ඉන්නවා..

ඒ කියන්නේ මේ වසර ඔබ හිතනවාට වඩා සුබ කරගන්න මහන්සි වෙලා වැඩ කරනවා වගේ..

එහෙම තමයි ඉතින් කලා ශිල්පියෙක් විදිහට මේ ගමන යන්නේ. අපි ඒ ගමන යමු පොඩ්ඩක් ඉවසලා බලලා..

2025 වසර රංගන ශිල්පියෙක් විදිහට කැළුම් ශ්‍රී කාර්යබහුලද..?

නෑ ඇත්තටම එහෙම ලොකුවට බිසී නැහැ.. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් කිසියම් වැඩ කොටසක් තියනවා.. ඒවා එක්ක ඉතින් සුපුරුදු විදිහටම කාර්යබහුලයි.. ඒ ඇරෙන්න ලොකු Tight schedule නැහැ..

රංගන ශිල්පියෙක්, නර්ථන ශිල්පි‍යෙක් කියන භූමිකා හැරුණම ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරමු..

ඇත්තටම ඉතින් ලස්සනට ජීවත් වෙන එක තමයි මගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම අරමුණ.. ඉතින් කලාවේ දේවල්, හොඳ දේවල් ප්‍රේක්ෂකයන්ටත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

ඔබේ පෞද්ගලික ජීවිතයේ ලොකුම තැනක් වෙන් වෙන්නේ ඔබේ පුතාට නේද..? ඔහු ගැන මොකක්ද කියන්න තියෙන්නේ..?

ඔව් ආර්ය ගැනත් කියන්න ඕන.. පුතාට දැන් අවුරුදු 4යි.. ඇත්තටම එයා නම් හරි දඟයි.. දැන් nursery යනවා.. එයා මොනවා කරයිද, මොනවා තෝරගනිවිද කියලා කියන්න බෑ.. එයා යන Parth එක එයාට තෝරගන්න කියනවා..

ඒ කියන්නේ ඔබේ පුංචි පුතා නළුවෙක් වෙනවාට කැමැත්තක් නැහැ..?

එයාගේ ඒ දේවල් ගැන මම තවම ලොකුවට හිතන්නේ නැහැ.. මං ඒ දේවල් ගැන දැන්ම තීරණය කරන්නෙත් නැහැ.. එයාට තේරෙන කාලෙකදී ඒ දේවල් ගැන තීරණය කරනවා.. නළුවෙක් කරන්නවත් වෙන වෙන ලොකු බලාපොරොත්තු ගැනවත් දැන්මම මගේ හිතේ නැහැ.. එයා එයාගේ පාර කපන් යයි කියලා මම හිතනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!