දේශීය පුවත්

“ආදරය පරාජය වූ තැන යකඩ මිනිසෙකුට අත්වූ ඉරණම..” – වසර 3ක ආදරය තත්පරයකින් බොඳ වූ හැටි..

ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට පෙළඹෙන තරුණ පරපුරේ ඇතැම් තීරණ කෙතරම් දරුණු විය හැකිදැයි පසක් කරමින් ඉන්දියාවේ බැංගලෝරයෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

වසර තුනක් තිස්සේ පණ මෙන් ආදරය කළ පෙම්වතිය වෙනත් තරුණයෙකු සමඟ විවාහ වීමට තීරණය කිරීමේ ශෝකය දරාගත නොහැකිව, 26 හැවිරිදි දක්ෂ කායවර්ධන ශිල්පියෙකු සියදිවි හානිකරගෙන තිබේ.

මියගිය තරුණයා වෘත්තියෙන් කායවර්ධන ශිල්පියෙකු මෙන්ම ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කළ කිරන් නමැති තරුණයෙකි.

ඔහු සිය පෙම්වතිය සමඟ වසර තුනක පමණ කාලයක සිට සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයව විවාහ කරගැනීමේ අරමුණින් තම පවුලේ සාමාජිකයන්ට පවා හඳුන්වා දී තිබුණි.

කිරන්ගේ ලෝකය උඩුයටිකුරු වී ඇත්තේ ඔහුගේ පෙම්වතිය තම විවාහ ගිවිස ගැනීම පිළිබඳව ඔහුට දැනුම් දී, ඇගේ මංගල ආරාධනා පත්‍රය පෙන්වීමත් සමඟය.

තමා පණ මෙන් ආදරය කළ තැනැත්තිය වෙනත් අයෙකු සතු වන බව දැනගත් කිරන්, සති දෙකක පමණ කාලයක සිට දැඩි මානසික පීඩනයකින් පසු වී තිබේ.

පසුගිය 07 වනදා නිවසේ තම කාමරයට ගිය කිරන්ගෙන් දිගු වේලාවක් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් පවුලේ අය දොර කඩා බැලීමේදී ඔහු සියදිවි හානිකරගෙන සිටිනු දැක ඇත.

මියයන්නට පෙර ඔහු තැබූ සටහනක දැක්වෙන්නේ තම මරණයට පෙම්වතිය සහ ඇයගේ මව වගකිව යුතු බවයි.

පවුලේ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහා ලක්ෂ්මි පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හදවතේ වේදනාව දරාගත නොහැකිව දිවියෙන් සමුගත් මේ තරුණයාගේ නික්මයාම බැංගලෝරය පුරා දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!