දේශීය පුවත්

“කැමති නැකතක් බලලා අවුරුදු කන්න..” ලංකාවටම එකම වෙලාවක අවුරුදු කන්න බැරි වෙයිද? නැකැත් සීට්ටුවට වෙච්ච දේ මෙන්න..

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද එන්න තවත් ඇත්තේ ටික කාලයයි.

හැබැයි මෙවර අලුත් අවුරුද්ද ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ විදියේ පෙරළියකට ලක්වෙන්න යන පුවතක් දැන් වාර්තා වෙනවා. ඒ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකිරීමට තීරණය කිරීමයි.

මේ පුවතත් එක්කම මුළු රටම දැන් ඉන්නේ දැඩි ව්‍යාකූලත්වයක.

පසුගිය 2024 වසරේදී රජයෙන් නිකුත් කළ නැකැත් සීට්ටුව වැරදි බව පවසමින් ජ්‍යෙතිෂවේදීන් අතර ලොකු මරාගැනීමක් සිද්ධ වුණා ඔබට මතක ඇති. ඒ ප්‍රශ්නය නිසාම විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ කාලයේදී නැකැත් කමිටුව විසුරුවා හැරිය අතර, වසර එකහමාරක් යනතුරුත් තවමත් එවැනි කමිටුවක් පත් කර නැහැ.

මේ පිළිබඳව කළ විමසීමකදී සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා දුන් පිළිතුරෙන් හැමෝම මවිත වුණා. ඔහු පවසන්නේ….

“මෙවර රජයෙන් නිල නැකැත් සීට්ටුවක් නිකුත් කරන්නේ නැහැ. දැනට කණ්ඩායම් දෙකක් වෙනස් නැකැත් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා.

ජනතාවට කැමති නැකතක් තෝරාගෙන චාරිත්‍ර ඉටුකළ හැකියි ”

1991 වසරේ සිට අඛණ්ඩව සිදුවූ මේ සම්ප්‍රදාය එකපාරටම නතර කිරීම ගැන ජ්‍යෙතිෂවේදීන් දැඩි විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ නිල නැකතක් නැතිවීමෙන් ජනතාව අතර ලොකු අවුලක් ඇතිවන බවයි.

මුළු රටම එකම වෙලාවකට ලිප ගිනි මෙලවූ, එකම වෙලාවකට ආහාර අනුභව කළ ලස්සන සම්ප්‍රදායට දැන් මොකද වෙන්නේ? මෙවර සිංහල අවුරුද්දට එකම වෙලාවක නැකැත් ඉටු කරන්න ලංකාවටම බැරි වෙයිද?

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!