Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කටකතා අසත්‍යයි. නන්දා මාලනිය ගැන ඇසෙන ඒ කතාවේ ඇත්ත ඔහු හෙලි කරයි.

ජාතියේ යශෝරාවය මැයෙන් ගෞරවයට පාත්‍රව සිටින, ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනිය පිළිබඳව සමාජ මාධ්‍යයේ හුවමාරු වන කටකතා සියල්ල අසත්‍යය බව, ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණයන් අවධාරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, නන්දා මාලනිය මනා සුවයකින් සිය නිවසේ පසුවන බවයි.

එම සම්පූර්ණ සටහන පහතින්….

”සාවද්‍ය තොරතුරු තවත් එපා…. නන්දා මිස් පිළිබඳ පැතිරෙන කටකතා සියල්ල අසත්‍යයයි…….
ජාතියේ යශෝරාවය බඳු අප ආදරණීය නන්දා මාලනියන් පිළිබඳ අද උදෑසන පටන් අසත්‍ය කටකතා සහ සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඒ සියල්ල අමූලික අසත්‍යය බව වගකීමෙන් දැනුම් දෙන අතර, නන්දා මිස් මනා සුවයකින් සිය නිවසේ වෙසෙන අතර මෙවැනි නොමිනිස් ක්‍රියාවන් තව දුරටත් සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
දිගින් දිගට ම විශිෂ්ට කලාකරුවන් අලලා සිදුකෙරෙන මෙම නොමිනිස් ක්‍රියාවන් අප දැඩිව හෙළා දකින සේම, වගකිවයුතු පුරවැසියන් සහ රසිකයන් ලෙස යම් ප්‍රවෘත්තියක් සංසරණය කිරීමට දායක වන්නේ නම් ඒ සඳහා වගකීම්සහගත වන ලෙස ද ඔබ සැමටත් කාරුණිකව සිහිපත් කරන්නෙමි.
අපේ ආදරණීය ගුරු මෑණියන් වන නන්දා මිස්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිරජීවනයම සැලසේවායි දීර්ඝායු ප්‍රාර්ථනා කරන්නෙමි !!!”

උපුටාගැනීම සහ ඡායාරූප : Dayan Witharana ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!