සයුරෙන් එහා පුවත්

වත්ත පහළට යන්න බය අපේ අයට මෙන්න හොඳම රටක්! සර්ප දෂ්ටනයක් ගැන හීනෙකින්වත් හිතන්න නැති මේ රටේ ඇත්තම කතාව.

ලංකාවේ අපිට නම් වත්ත පහළට ගියත්, කැලෑවක ඇවිදින්න ගියත් පොඩි හරි චකිතයක් තියෙනවානේ. කොහෙන් හරි සර්පයෙක්, පොළඟෙක් මතු වෙයි කියලා අපි හැම වෙලාවෙම ඉන්නේ මාරම අවධානයෙන්. 


හැබැයි ඔයා දන්නවද ලෝකේ එක රටක් තියෙනවා එහේ කැලෑවක දවස් ගාණක් ඇවිද්දත්, පඳුරක් අස්සේ නිදාගත්තත් ඔයාට සර්පයෙක් දෂ්ට කරන්නේ නෑ කියලා?

ඒ තමයි ලාංකිකයින් දහස් ගණනින් පදිංචියට යන නවසීලන්තය! ඇත්තටම ඇයි නවසීලන්තයේ සර්පයෝ නැත්තේ? ඒක පිටුපස තියෙන්නේ මාරම කතාවක්.

මේකට තියෙන්නේ පුදුම විද්‍යාත්මක කතාවක්. මීට අවුරුදු මිලියන 85කට විතර කලින් ලෝකේ රටවල් ඔක්කොම එකට අලවලා වගේ තිබුණේ. හැබැයි නවසීලන්තය මේ මහා ගොඩබිමෙන් කැඩිලා ඈතට පාවෙලා යද්දී සර්පයෝ ලෝකේ බිහිවෙලා හිටියේ නෑ. හරියට නෝවාගේ නැව වගේ තමයි, සර්පයෝ නැවට නගින්න කලින්ම නවසීලන්තය පාවෙලා ගියා.

ඉතින් සර්පයින්ට කවදාවත් මේ දූපතට ගොඩවෙන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ.

අපේ අසල්වැසි ඕස්ට්‍රේලියාවේ ලෝකේ ඉන්න විෂම සර්පයෝ හිටියට, එහේ ඉඳන් නවසීලන්තයට කිලෝමීටර් 2000ක විතර ලොකු මුහුදක් තියෙනවා. කිසිම ගොඩබිම් සර්පයෙක්ට මෙච්චර දුරක් පීනලා එන්න බෑ. අයිස් යුගය කාලේ නවසීලන්තය මාරම සීතල නිසා එහේ හිටපු සත්තුත් වඳ වෙලා ගියා.

දැන් නම් එහේ රජයෙන් මාරම තද නීති දාලා තියෙන්නේ. සත්වෝද්‍යාන වලටවත්, සුරතලයට ඇති කරන්නවත් සර්පයෝ රට ඇතුළට ගේන්න තහනම්! මොකද නවසීලන්තයේ සංකේතය වුණු ‘කිවි’ (Kiwi) වගේ පියාඹන්න බැරි කුරුල්ලෝ බිත්තර දාන්නේ පොළොවේ. එක සර්පයෙක් හරි රට ඇතුළට ආවොත් මේ කුරුල්ලෝ ඔක්කොම සර්පයින්ට ගොදුරු වෙනවා. අන්න ඒ නිසයි නවසීලන්තය මේ තරම් පරිස්සම් වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!