දේශීය පුවත්

එයාබස් එකට මාසෙට ඩොලර් 175 000ක් ලීසිං එකක් තියෙනවා…! – ඇමති බිමල් රත්නායක

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මාසිකව ඩොලර් 175 000ක් ලීසිං මුදලක් නව එයාර් බස් ගුවන් යානය වෙනුවෙන් ප්‍රංශයට ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

කෙසේ වුව ද මෙම ගුවන් යානයෙන් උත්පාදනය කරන ආදායම සමග සසඳන විට එය විශාල මුදලක් නොවන බවයි, ඇමතිවයා පෙන්වා දෙන්නේ.

රාජපක්ෂ පාලන සමයේ ඇති කරගත් එයාබස් ගනුදෙනුවක් සඳහා මාසිකව තවමත් ඩොලර් ලක්ෂ දෙකක් ගෙව්වු ද කිසිදු ගුවන් යානයක් සමාගමට නොලැබුණු බව ද ඔහු සඳහන් කරයි.

රාජපක්ෂලා එයාබස් ඇනවුම් කිරීමෙන් ද අනතුරුව රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව ඒවා අවලංගු කිරීමෙන් ද වංචා කළ බව ද ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!