Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගෝඨාභයත් ලොකු නඩුවක පැටලේ.. භාතිය සංතුෂ්ටත් චෝදනා

2014 සැප්තැම්බර් 09 වැනිදා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැයකරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනීය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ (05) පැවැසුවාය.

ඒ් අනුව සංගීත ප්‍රසංගය කළ භාතිය-සන්තුෂ් නමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් විය යුතු යැයිද මෙම සියලු කරුණු අනාවරණය කරමින් රහස් ප්‍රකාශයක් දීමට වුවත් තමන් සූදානම් බවත් ඇය දැනුම් දුන්නාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් 276 පාඩුවක් කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය කරුණු දක්වමින් පැමිණිල්ලට පාදක වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් වෙන්කර ඇතැයි දැනුම් දුන්නාය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත සැකකාරිය මුදාහරින ලෙස නියම කළාය.

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සැකකාරියට නියම කළාය.

අදාළ නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!