Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සිරිපා වන්දනාවේ ගිය ඇයට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි රතු පාළම අසළදී ඇද වැටීමෙන් ඊයේ (04) මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, අකුරැස්ස, වල්පිට සිට පැමිණි (47) හැවිරිදි දෙදරු මවක්.

බරපතල තුවාල ලබා සිටි කාන්තාව නල්ලතන්නිය පොලීසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

මිය ගිය කාන්තාව ඇගේ සැමියා,දරුවන් දෙදෙනා හා ගමේ පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවට පැමිණ තිබෙනවා.

පිරිස ශ්‍රීපාද වන්දනාව සිදුකර ආපසු නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!