Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රජයේ පාසල් සිසුන් ගැන ඇසෙන විශේෂ කතාවක්..

රජයේ පාසල් සිසුන් ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.

ඇත්තටම මේ ඇසෙන කතාව ගැන නම් රටක් විදිහට අපි අවදානය යොමු කළ යුතු කාරණයක්..
පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව හැට හය දහස් හාරසිය පනස් හතරකින් අඩු වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාව අනාවරණය කරයි.

ඒ අනුව පෙර වසරේ තිස්අට ලක්ෂ අසූදෙදහස් හයසිය අසූඅටක් වූ සිසුන් සංඛ්‍යාව පසුගිය වසරේ දී වාර්තා වී ඇත්තේ තිස්අට ලක්ෂ දහසයදහස් දෙසිය තිස්හතරක් ලෙසින්.

සිංහල මාධ්‍ය සිසුන් හැටඅට දහස් එකසිය හතළිස් එක්දෙනකු අඩු වී තිබෙන අතර දෙමළ මාධ්‍ය සිසුන් අඩු වී ඇත්තේ එකොළොස්දහස් නවසිය එකොළහකිනි. පෙර වසරට සාපේක්ෂව ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව දහතුන් දහස් පන්සිය අනූ අටකින් වැඩි වී තිබෙනවා.

පස්වැනි ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව 13,576කින් ද, හතරවැනි ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව 15, 813කින්ද මෙලෙස අඩු වී තිබෙන අතර තුන්වැනි ශ්‍රේණියේ සිසුන් 11,742ක් හා දෙවැනි ශ්‍රේණියේ සිසුන් 3,326ක් ද අඩු වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම වාර්තාවට අනුව පාසල් සංඛ්‍යාව 10,096 සිට 10,076 දක්වා අඩු වී තිබේ. පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී 1 වැනි ශ්‍රේණියට ඇතුළත්වීම් ද පන්දහස් තුන්සිය හතළිස් හයකින් අඩු වී ඇත. සිංහල මාධ්‍ය සිසුන් සංඛ්‍යාව 5,325කින් එලෙස අඩු වී තිබෙන අතර දෙමළ මාධ්‍ය සිසුන් ඇතුළත්වීම් අඩු වී ඇත්තේ 52කිනි.

තවද රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් සංඛ්‍යාව පසුගිය වසරේ දී එක්ලක්ෂ තිස්හත් දහස් අටසිය අසූහයක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සිසුන් 17 දෙනකුගේ වැඩිවීමක්.

අරුණ පුවත්පත ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!