දේශීය පුවත්

ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා.. ලොකු දඩයක්.. ලෝකෙට 25 කතාවත් බොරුවක්..!

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද ‘රෝල්ස් රොයිස් ෆැන්ටම්’ (Rolls Royce Phantom) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක දඩයක් පනවා ඇති බව economynext වාර්තා කරයි. මෙම දඩය පැනවීමට හේතු වී ඇත්තේ රථයේ මාදිලිය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමයි.

වටිනාකම සැඟවීම අදාළ ආනයනකරු විසින් මෙම රථය ‘Rolls Royce Phantom Auto’ මාදිලිය ලෙස ප්‍රකාශ කර තිබූ අතර, එහි වටිනාකම එක්සත් රාජධානියේ සියයට 20ක බදු ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 417,000ක් ලෙස දක්වා තිබුණි.

කෙසේ වෙතත්, රේගු නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂාවන්හිදී අනාවරණය වී ඇත්තේ මෙම රථය ‘Extended Wheel Base’ (EWB) හෙවත් රෝද අතර පරතරය වැඩි සහ දිගින් වැඩි මාදිලියක් බවයි.

එවැනි රථයක සැබෑ වටිනාකම ස්ටර්ලින් පවුම් 479,000ක් පමණ වන බව නිලධාරීහු පවසති.

මෙම වැරදි ප්‍රකාශය හේතුවෙන් පනවන ලද රුපියල් මිලියන 70ක දඩය ද ඇතුළුව ආනයනකරුට රුපියල් මිලියන 370ක මුළු මුදලක් ගෙවීමට සිදුව ඇත.

මේ අතර, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිදුකළ සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් මෙම රථය ලොව පුරා ඒකක 25ක් පමණක් නිෂ්පාදිත ‘Centenary’ මාදිලියේ රථයක් බවට මතයක් පැතිර ගියේය.

එහෙත් මෙය ‘Centenary’ මාදිලියක් නොවන බවට රේගු නිලධාරීහු විශ්වාස කරති. යම් හෙයකින් මෙය එවැනි සීමිත මාදිලියක් බව තහවුරු වුවහොත්, එහි බදු මුදල පමණක් රුපියල් බිලියනය ඉක්මවනු ඇතැයි ද සඳහන් වේ.

උපුටා ගැනීම: ලංකා සී නිව්ස්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!