සුව අරණ

පාදවල සිදුවන වෙනස්කම් වලින් හෙළිවන රෝග 9 ක් මෙන්න..

සමහර වෙලාවට අතට බෙහෙත් ගන්න ගියාම දොස්තර පපුවට බෙහෙත් දෙනවා කියලා ඉස්සර වයසක උදවිය බනිනව ඇහිලා තියෙනවද? ශරීරයේ අනෙකුත් තැන් වල තිබෙන ආබාධ ගැන අත් වලින් කකුල් වලින් හෙළි කරනවා. මේගැන රැජිණිය අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා, නමුත් අද කතා කරන්නේ දෙපා වලින් හෙළිවන ශරීර අභ්‍යන්තර රෝග 10ක් ගැනයි.

01. වකුගඩු ආබාධ

රෝග ලක්ෂණ – කකුල් ඉදිමීම, විදුලි සැරක් වැනි වේදනාව
වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම්, අතිරික්ත තරලය ශරීරයෙන් පිටවීමට දුෂ්කරතා ඇති වෙනවා. මේ මගින් ඉදිමීම ඇතිවෙනවා. ඔබේ ඇස් අවට ප්‍රදේශය ඉදිමී තිබේ නම් හෝ ඔබේ සමහර අවයවවල විද්‍යුත් කම්පනයකට සමාන වේදනාවක් දැනේ නම්, මෙයද එවැනි වකුගඩු ගැටලුවක ලක්ෂණයක් විය හැකි‍යි.

02. ශිරා හිඟ වීම

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, බර ගතිය, අවපැහැ ගැන්වීම
ශිරා හිඟකම ඇතිවිට, රුධිරය අවයව වල සිට හදවතට ගමන් කිරීම දුෂ්කර වේ. ශිරා දුර්වල වූ විට හෝ හානි වූ විට මෙය සිදු වේ. මෙය දෙපා ඉදිමීමට හේතු වේ. වළලුකර ප්‍රදේශයේ ඉදිමීම වැඩි වශයෙන් සිදුවන අතර පසුව දෙපා අවපැහැ වීම හා කකුල් වල බර ගතිය ද ඇතිවේ.

03. කන්තුක හිඟය

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දිගු වෙලා පවතින වේදනාව
මෙම අවස්ථාවේදී, හෘද කුටීර එකක හෝ දෙකක රුධිරය ඵලදායි ලෙස පොම්ප කිරීමේ හැකියාව නැති වේ, එම නිසා එය පහළ අවයවවල එකතු වේ. දෙපා ඉදිමෙන අතර වේදනාව ද ඒ සමඟම පැමිණේ.

04. නහර වල රුධිරය කැටි ගැසීම

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දෙපා වල උණ, සමේ වර්ණය වෙනස් වීම, මහන්සි ගතිය, වේදනාව
කකුල් එකක් හෝ දෙකම ඉදිමීම බරපතල රුධිර කැටිගැසීමක් සංඥා කළ හැකිය. මෙම ගැටළුව ඉතා භයානක ය, මරණීය විය හැකිය. ඔබට එය තිබිය හැකි යැයි ඔබට හැඟේ නම්, වහාම වෛද්‍යවරයකු වෙත යන්න.

05. අක්මා ගැටළු

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, ධමනි මකුළුවා හෙවත් vascular spider තත්වය, මහන්සිය
ඔබේ කකුල් වල තත්වය අනුව අක්මාවේ ගැටළු වල මුල් රෝග ලක්ෂණ ඔබට හඳුනාගත හැකිය. ඔබේ අක්මාව අසාමාන්‍ය ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔබේ අත් පා ඉදිමීම ආරම්භ වන අතර මකුළුදැලක් ලෙස නහර මතුවීම දැකගත හැකිවේ.

06. තයරොයිඩ් ග්‍රන්ථියේ සංකූලතා

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, මාංශපේෂි තද වීම, සීතල දැනීම
සමහර තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු හඳුනා ගැනීමට පාදයේ තත්වයන් ද උපකාරී වේ. ඉහත ලැයිස්තුගත කර ඇති රෝග ලක්ෂණ වලින් එය පහසුවෙන් හෙළි වේ,

07. ධමනි සිහින් වීම

රෝග ලක්ෂණ – සම සුදුමැලි වීම, වේදනාව, මාංශපේෂි දුර්වල වීම
ධමනි සිහින් වන විට පාදවලට සැපයෙන රුධිරය ඉතා අල්ප වන අතර එමනිසා ඒවා සුදුමැලි වී වේදනාවක්ද ඇති වේ. බොහෝ අවස්ථාවන්හීදී, පුද්ගලයන් ධමනි සිහින් වීමේ රෝග ලක්ෂණ නොසලකා හරියි. කෙසේ වෙතත්, මෙම රෝගය බරපතල බව අවතක්සේරු නොකළ යුතුයි.

08. දියවැඩියාව

රෝග ලක්ෂණ – දෙපා වලට ඉදිකටුවකින් අනිනවා වැනි හැඟීම, දෙපා වල තුවාල සුව නොවීම
දියවැඩියාව ඇති විට, පාදයේ ඉතා සුළු තුවාල පවා බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකිය. මෙහිදී පාද සුව කිරීම අත්‍යාවශ්‍ය වෙයි. මෙම රෝගයේදී බොහෝ විට ස්නායු හානි වීම් ඇති වේ. නමුත් රෝගියාට වේදනාවක් දැනෙන්නේ නැති අතර කුඩා තැලීමක් තුවාලයක් බවට නොදැනීම පත්වේ.

09. ගර්භණීභාවය

රෝග ලක්ෂණ – දෙපා ඉදිමීම, දෙපා වල දුර්වල ගතිය, මාංශපේෂි තදවීම
ඇත්ත වශයෙන්ම, ගැබ් ගැනීම රෝගයක් නොවේ. කෙසේ වෙතත්, ඔබේ කකුල් වල යම් යම් වෙනස්කම් මගින් ඔබට එය කලින් හඳුනාගත හැකියි. ඔබේ දෙපා සහ දෑත් වේදනාවත් සමඟ ඉදිමීම ඇතිවේ.

(උපුටාගැනීම රැජිණිය වෙබ් අඩවිය)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!