Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ත්‍රීවීල් එක බේරන්න ගිහින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ… පන්නිපිටියේ රිය අනතුරේ ඇතුළු පැත්ත මෙන්න..

හයිලෙවල් මාර්ගයෙන් අද උදෑසන වාර්තා වන්නේ ඉතාමත් අවාසනාවන්ත පුවතක්. 

පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කරන ආකාරයට අනතුරට මුල් වී ඇත්තේ ඉන්ධන පිරවුම්හලක සිට අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක්. එම ත්‍රිරෝද රථයේ ගැටීම වැළැක්වීමට උත්සාහ කළ සුඛෝපභෝගී බස් රථයක්, මාර්ගයේ නවතා තිබූ ලොරියක දරුණු ලෙස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් තිදෙනෙකු වහාම හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!