දේශීය පුවත්
වස්කඩුව – වාද්දුව මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසරයි… වෙරළෙන් ඉවත් වන්නැයි ජනතාවට දැනුම්දීමක්….

වස්කඩුව සහ වාද්දුව අතර මුහුදු තීරයේ කිඹුලෙකු සැරිසරමින් සිටින බවට ප්රදේශවාසීන්ගෙන් තොරතුරු වාර්තා වෙලා තියෙනවා…
මේ පුවත සැලවීමත් සමඟ අදාළ කිඹුලා දැකබලා ගැනීම සඳහා අවට ප්රදේශවාසීන් විශාල පිරිසක් මුහුදු වෙරළ වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරුදායක බව සැලකිල්ලට ගනිමින් වහාම මුහුදු වෙරළෙන් ඉවත් වන ලෙස කළුතර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් ජනතාවට දැඩි ලෙස දැනුම් දීලා තියෙනවා..
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමටද මේ වන විට පියවර අරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ…



