දේශීය පුවත්

” ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝස්ලා බැස්සොත්..” යුද්ධයේ අවසානය රටට කියූ අභීත රණවිරුවා ගැන අද ඇසෙන කතාව මෙන්න.

ඉවරයි… ප්‍රභා ඉවරයි…දන්නවානේ කමාන්ඩෝස්ලා බැස්සොත්….”

ඒ, ලොව බිහිසුණුම ත්‍රස්තවාදය අවසන් කරමින්, LTTE ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය නිමා කළ බවට, අදටත් ශ්‍රී ලාංකීය ජන මනසේ රැව් පිළිරැව් දෙන උදාන වාක්‍යයක්.

රුදුරු ත්‍රස්තවාදය අවසන් බව මුළු මහත් ලෝකයට එලෙස හඬ නගා කියූ කමාන්ඩෝ සෙබළ බුද්ධික මහේෂ්, හිරු ප්‍රවෘත්ති සමග ඒ අත්දැකීම බෙදා ගත්තා.

ඒ, දශක තුනක් පුරා සමස්ත රටක් බියපත් කළ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදී නායකයාගේ පරිච්ඡේදය අවසන් කළ බව” සමස්ත ශ්‍රී ලංකාවටම හඬ ගා කියූ පළමු රණවිරුවාගේ කාහල නාදයයි.

ඔහු, නමින් බුද්ධික මහේෂ්.

දශක තුනක් පුරා ජාතිවාදයත්, ම්ලේඡ්චත්වයක් වැපිරූ වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති රුදුරු කොටි ත්‍රස්තවාදී නායකයාගේ අවසන් ඉරණම විසඳීමේ වගකීම භාර වුණේ බුද්ධික ඇතුළු කමාන්ඩෝ සෙබළුන්ටයි.

නන්දිකඩාල් කලපුව පීරා බුද්ධික ඇතුළු වීරෝදාර කමාන්ඩෝ සෙබළුන් ගෙන ගිය දැවැන්ත සටනකින් අනතුරුව LTTE ත්‍රස්තාවාදය සදහටම නිමා කළා.

ශ්‍රී ලාංකීය ධරණිතලය දෙකඩ කිරීම වෙනුවෙන් ජාති ආගම් කුල භේද පවා නොතකමින් ත්‍රස්තවාදය වැපිරූ රුදුරු LTTE ත්‍රස්තවාදී නායකයාගේ සිරුර 2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවෙන් සොයා ගත්තා.

ප්‍රභාකරන්ගේ මරණයත් සමග ත්‍රස්තවාදය නිමා වූ පුවත ලෝකයට හඬ ගා කීමේ භාග්‍ය හිමිවුණේ අද වලස්මුල්ලේ ජීවත් වන කමාන්ඩෝ සෙබළ බුද්ධිකටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!