තරු ගොසිප්
“ඔහු ජාතික සම්මානලාභියෙක් පමණක් නොව, මිනිසුන්ගේ හදවත්වල රජුද විය…” – ෂාරුක් ඛාන් හොඳම නළුවාට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානයට හිමිකම් කියනු ලැබුවා.
ඒ 71 වන ජාතික චිත්‍රපට සම්මාන ප්‍රධානෝත්සවයේදී.
සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්.
ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙන්.
රාණි මුකර්ජි ද ‘Mrs Chatterjee vs Norway’ චිත්‍රපටයේ ඇගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් සිය පළමු ජාතික සම්මානය දිනා ගත්තා.




