Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අපෙන් සමුගත් නිලි රැජිනිය ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව මෙන්න

නිළි රැජිණියගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසා ඇත්තේ මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී පවා කිසිම විටක දී මානසිකව කඩා නොවැටුණු බවයි.

ඇය තම රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් අයුරු අති විශිෂ්ට මෙන්ම එය සියලු දෙනාට ආදර්ශයක් බව ද එහි දී ඔහු පවසා සිටියා.

මෙසේ ප්‍රකාශ කරමින් වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේ ඇය ඉතා නිර්මිත කාන්තාවක බවයි.

තවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදීත් වකුගඩු නිවාරණ සංගමය සමඟ එක්ව සමාජ සුභසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් කළ බවයි.

ඇයගේ එම කාර්යය තමා ඉතා ඉහළින්ම අගය කරන බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

එසේම සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ ‘වකුගඩුව’ පුවත්පත ප්‍රවර්ධනයට ද ඇය සිය අසනිප තත්වය පවා නොබලා කටයුතු කළ බව ද සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!