Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

වාර්තා අලුත් කරමින් ජෝන් සීනා යලිත් ලෝක ශූරයා වෙයි. ලොවක් ආදරේ කරන සුපිරි රෙස්ලිං තරුව ක්‍රීඩාවෙන් සමුගන්නා දිනය මෙන්න.

වාර්තාවක් පිහිටුවමින් ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි
ලෝකප්‍රසිද්ධ මල්ලවපොර තරගකරුවෙක් වෙන ජෝන් සීනා අද(21) පැවැති WWE Wrestlmania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්වූවා.

WWE ආයතනයේ ලෝක ශූරතාවය වැඩිම වාරගනනක් දිනාගැනීමේ වාර්තාව තමන්සතු කර ගැනීමට එමගින් ඔහුට හැකි වුනා.

මීට පෙර 16 වතාවක් ලෝක ශූරයා වෙමින් රික් ෆ්ලෙයර් සමග ඔහු සමතැන් ගෙන සිටියා.

මෙම ජයග්‍රහණය විශේෂයෙන් වැදගත් වන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාව අතරතුර වන අතර, ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!