Uncategorized

චොකලට් කියලා රස කර කර කෑවට රියල් චොකලට් වලයි ෆේක් චොකලට් වලට ඇත්තටම වෙනස දැනගත්තේ අද

රියල් චොකලට්වලයි, ෆේක් චොකොලට්වලයි වෙනස දන්නවාද..?

දරැවන්⁣ට අරන් දෙන්න කලින් දෙපාරක් බලන්න ලේබල් එක..අපේ රටේ මිනිස්සු නීති වලටත් වෙට්ටු දාන හැටී…

නියම චොකලට්වල කොකෝවා බටර් අඩංගුවිය යුතුයි. කොකෝවා බටර් මිලෙන් වැඩියි. ඒ නිසා ලංකාවේ සමහර නිෂ්පාදකයයින් “චොකලට්” කියල නම ගහල වැඩිපුරම නිෂ්පාදනය කළේ කොකෝවා බටර් වෙනුවට පාම් ඔයිල් දාලා හදපු යම් රසකැවිලි වර්ගයක්. ඒකට එයාල චොකලට් කියල නමක් දාලා තිබුනා.

දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවේ චොකොලට්වලට අදාළව ප්රමිති නියෝග පැනවූවා. ඒ අනුව “චොකොලට්” කියල ලේබලයේ ගහනවනම් එහි කොකෝවා බටර් තියෙන්න ඕන.

“චොකොලට්” කියල ලේබලයේ ගහල තියෙන නිෂ්පාදන පීඑච්අයි මහත්තුරු රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවුවාම බොහෝ නිෂ්පාදනවල ඒවායේ කොකෝවා බටර් අඩංගු නෑ කියල වාර්තා එනවා. එහෙම ආවාම අධිකරණ ක්රියාමාර්ග ගන්නවා. ඒ නිසා ඒකෙන් ගැළවෙන්න මෑතක ඉදල චොකොලට් නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල “චොකොලට්” කියල ගහන්නේ නැතිව මේ විදියට “චොකෝ” වගේ චොකොලට් ළඟින් යන නමක් ගහනවා. කොකෝවා බටර් මිලෙන් ඉහළ බැවින් ඊට වඩා මිළෙන් අඩු පාම් ඇට මද තෙල් (palm cernal oil) තමයි මේ නිෂ්පාදකයින් භාවිත කරන්නේ.

 

Gemunu Saliya Perera
තම්බපණ්ණි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button
error: Content is protected !!