දේශීය පුවත්

ඔවුන් නම් සැබවින්ම මිහිපිට දෙවිවරුන්මයි.. ගෙවුණු පොසොන් පෝයදා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැත්වුණු ඒ විශේෂ දන්සල ගැන ඇසෙන ආරංචිය මෙන්න..

තවත් එක් උතුම් පොහෝ දිනයක්… මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස සිහිපත් වන්නට කළ තවත් එක් විශේෂ කාර්‍යක් ගැන ඇසෙන කතාවක්..

ලක්දිවට දහම් ඇස ලද පොසොන් පෝදින පෙනුම ලබාදීමේ අරමුණින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල මඟින් සංවිධානය කළ පෙනුම දන්සල කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයේ දී ඊයේ (10) දවස පුරා පැවැත්වී තිබුණා..

විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුව සංවිධානය කර තිබූ මෙම ඇස් දන්සල විශේෂ වන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයකු තනිව විශාල ප්‍රමාණයකගේ ඇස් පාදා දී ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්ම සිදුකිරීම හේතුවෙන්..

එම සත් පුණ්‍යක්‍රියාවට ශල්‍යාගාරයේ සියලුම වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩල මෙන්ම අක්‍ෂි සායන වාට්ටුවල වෛද්‍ය හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ රෝහල් බලධාරීන් සමඟ දින කිහිපයක් වෙහෙසවී සිදුකර ඇති බව ශික්‍ෂණ රෝහ‍ෙල් වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මධූෂ සත්කුමාර මහතා පැවසුවා..

එමෙන්ම මූලිකව සායනවලට කැඳවා අදාළ පරීක්‍ෂාවන් සිදුකර මෙසේ දෙසිය පණහත් තුන්සියයත් අතර ප්‍රමාණයක් තෝරා‍ෙගන ඇති බවත් ඇතැම් විට මධ්‍යම රාත්‍රීය වනතෙක්ම අදාළ ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවේවියැයි අපේක්‍ෂිත බව ද ඒ මහතා පැවසුවා..

සත්කාරක සේවාවන් ලද රෝගීහු පැවසූයේ නිරන්තරයෙන් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අවලාද පමණක් නැඟෙන අවධියක ඊට වටිනාකමක් ලබාදුන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට මල්මිටක් ලබාදිය යුතු බවයි…

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!