ගොසිප් පුවත්

පූසෙක්ට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් රිමාන්ඩ්….

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක්වූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ වලපනේ පොලිසිය විසින් එම වීඩියෝවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයෙක් විසින් බළලෙක්ට අමානුෂික ලෙස හිංසා කරනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඊට විරෝධය දක්වනු ලැබුවා.

ඒ අනුව එම වීඩියෝවේ පෙනී සිටින සැකකරු පෙරේද දිනයේ දී (08) වලපනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි තිබ්බටුගොඩ ප්‍රදේශයේ පින්චිකරුවෙක්.

අත්අඩංගුවට ගත් එම සැකකරු එදිනම වලපනේ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කර ඇති අතර එහිදී එම සැකකරු දින 14ක් (ලබන 24 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම එම සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර ඇති බවයි වලපනේ පොලිසිය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!