Uncategorized

ගෑස්ට්‍රයිටීස් නසන ඇග සිසිල් කරන ස්වභාවික දිව ඔසුවක් මෙන්න

අපේ මුතුන් මිත්තන් ජෙලි වෙනුවට කෑවෙ කැහිපිත්තන්. මේ කොළ වතුර ස්වල්පයක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවාම ඉබේම මිදෙනවා. ජෙලි වාගේ. එයට සීනි හෝ මී පැණි මුසුකර ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්. ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. උදේ ම හිස්බඩ තමයි කන්න ඕනෙ. අධික ශීතල ආහාරයක්.

ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුවරුන්ට ගුණයි. කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා. අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි. ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඖෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම දන්නේ නෑ. දැනුවත් වෙමු..

 

 

 

(උපුටාගැනීමකි – ලිපියේ අයිතිය දිනේෂ් ප්‍රසන්න මහතා සහ ඡායාරූප වික්‍රමනායක මහතා)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!