Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

විවාහ දිවියෙහි අමිල සංකේතය හොයන්න තරුණ අඹුසැමි යුවලක් හිතාගන්නවත් බැරි දෙයක් කරලා…

 

ගෙමිදුලේ නැතිවූ කාන්තා මංගල මුදුවක් සොයා මුළු කසළ වළක් වැලි හලන රයිසියකට දමා මංගල මුදුව සෙවූ තරුණ අඹුසැමියන් පිළිබඳ පුවතක් වයඹ පළාතේ උතුරු කොනේ ගම්මානයකින් අසන්නට ලැබෙනවා.

වර්තමානයේ වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වන බව කියන මෙම මංගල මුදුව අදාළ කාන්තාව පැලඳ සිටියදී ඇයට නොදැනීම එය ඇඟිල්ලෙන් ගැලවී වැටී ඇති බව සදහන්.

එය වැටී ඇති බවට ඇය සැක කර ඇත්තේ තමන් එදින උදෑසන වැඩි වේලාවක් මල්ගස්වලට සාත්තු කිරීම, මිදුල අතුගෑම ආදී කටයුතුවල යෙදී සිටි ඔවුන්ගේ ගෙමිදුලේ බවත් කියයි.

මුද්ද නැතිවූ බව මුලින් ඇය කිසිවකුටත් නොකියා තනිවම කිසිවකුටත් නොදැනෙන ලෙසට නිවාඩුපාඩුව තමන් දන්නා ශිල්ප සියල්ලම දමා මිදුලේ අඟලක් නෑර මල්ගස් අස්සේ පවා සොයා ඇති නමුත් නැතිවූ මුදුව ගැන හෝඩුවාවක්වත් ලැබී නැත.

තම විවාහ දිවියෙහි අමිල සංකේතය මෙන්ම එහි වර්තමාන මිල ආදී දේද කල්පනා කරමින් සිත අවුල් වී කලබලයෙන් එහෙ මෙහෙ යන තත්වයක් පසුව ඇයට උදා වී ඇත.

මෙහිදී සිය බිරිඳගේ හැසිරීම් රටාවේ අමුත්තක් ඇති බව ඉවෙන් මෙන් දැනගත් සැමියා ඒ ගැන ඔහු බිරිඳගෙන් විමසීමක් කර ඇත.

ඒ අනුව තවදුරටත් මෙය කිසිවකුගෙන් වසන් කිරීමෙන් පලක් නැතැයි සිතූ කාන්තාව මංගල මුද්ද නැතිවූ සිද්ධිය සැමියාට පවසා ඇත.

බිරිඳගේ මානසික තත්වය අවබෝධ කරගත් සැමියා එහිදී ඇගේ සිත සන්සුන් වන පරිද්දෙන් කතාබස් කර අනතුරුව දෙදෙනාම එකතු වී මිදුලත් අතුගාමින් යළිත් වතාවක් ගෙමිදුලේම මුදුව සොයා ඇති බවත් නමුත් එහිදී ද මුද්ද හමුවී නැති බවත් කියයි.

මුද්ද මිදුලේ වැටුණේ නම් යම් හෙයකින් එය උදෑසන මිදුල අතුගාන අවස්ථාවේදී ගෙවත්තේ කුණු දමන වළටවත් අතුගෑවී ගියේදැයි යන්න මෙහිදී සැමියාට කල්පනා වී ඇත.

ඒ බව බිරිඳට ද පවසා ඇති ඔහු පසුව දෙදෙනාගේම එකඟතාව මත කුණු වළ වැලි හලන රයිසියකින් ගරන්න තීරණය කර ඇත.

මේ සඳහා නිවෙසේ රයිසියක් නොතිබූ බැවින් “මල්ගස්වලට පොහොර දැමීම සඳහා අද අපි කොම්පෝස්ට් වළක් රයිසියකින් ගරනවා” යැයි කියමින් අසල්වැසි නිවෙසකින් ඉල්ලාගත් රයිසියක් භාවිත කරමින් දෙදෙනාම එක්ව මෙහිදී කුණු වළ ගරා ඇති බවත් නමුත් කාරණය නම් පැය කිහිපයක් තිස්සේ දෙදෙනාම එක්වී මුළු කුණුවළම රයිසියෙන් ගැරුවත් නැතිවූ මුද්ද එහි ද තිබී නැති බවත් කියයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!