‘අතුරුදන් නාවික සෙබළු ගැන තොරතුරක් නෑ’

‘අතුරුදන් නාවික සෙබළු ගැන තොරතුරක් නෑ’

මුලතිව්, චලෙයි ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා මෝය කට පුළුල් කිරීමේ මෙහෙයුමට ගිය නාවික සෙබළුන් 5 දෙනා පිළිබඳව ඊයේ (දෙසැ. 2) පස්වරුව වන විටත් තොරතුරු නොලැබුණු බව ආරක්ෂක ආරංචිමාර්ග පවසයි.

අතුරුදන් නාවික සෙබළුන් පිරිස පසුගිය 28 වන දා චලෙයි කලපුවේ මෝය කට පුළුල් කිරීමට ගොස් නාවික අනුඛණ්ඩයට පැමිණ තිබේ.

එහෙත් අධික වර්ෂාව සහ වතුරේ ප්‍රමාණය අධික බැවින් නැවතත් මෙම නාවික කණ්ඩායම එම මෙහෙයුම සිදු කිරීමට ගොස් ඇත. එම මෙහෙයුම අතරතුර ඔවුන් අනුඛණ්ඩය සමග පැවැති සම්බන්ධතා බිඳ වැටී තිබේ.

ඒ හේතුවෙන් තවත් සහන කණ්ඩායම් විසින් මෙම කණ්ඩායම සොයා දැඩි සෝදිසි මෙහෙයුමක් සිදු කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තර තාක්ෂණික සහයත් ලබාගෙන ඊයේ පස්වරුව වන විටත් මෙම නාවික කණ්ඩායම සොයා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *