උඩරට දුම්රියට විශාල ගලක් පෙරලී අනතුරක්..

උඩරට දුම්රියට විශාල ගලක් පෙරලී අනතුරක්..

නායයෑමක් හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඕහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වීම නිසා, උඩරට දුම්රිය මාර්ගයේ සේවා කොළඹ කොටුව සහ නානු ඔය අතර පමණක් සීමා කිරීමට බලධාරීහු තීරණය කර ඇත.
ඊයේ සවස 6.00 ට බදුල්ලෙන් පිටත්ව කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබූ මෙම දුම්රිය, නාය යෑමකින් මාර්ගයට කඩා වැටී තිබූ පස් සහ ගල් හේතුවෙන් පීලි පැනීමට ලක්ව තිබේ.

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.

ඊයේ පෙරවරුවේද මීට සමානම සිදුවීමක් වාර්තා වූ අතර එහිදී මහනුවර සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ දුම්රියක් ඕහිය දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබිණි.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අලුත්වැඩියා කාර්ය මණ්ඩල යොදවා ඇති අතර, හැකි ඉක්මනින් මාර්ගය නිරවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *