දේශීය පුවත්

නුවරඑලියෙන් කොළඹට එලවලු කිලෝ 73000ක්

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමනාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.150, කැරට් -රු. 190, ලීක්ස් -රු.190, රාබු -රු.160, බීට්රුට් -රු. 230, බීට්රූට්/කට් -රු.280, අර්තාපල් -රු.260, රතු අර්තාපල් -රු. 280, නෝකොල් -රු.280 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොුම කල බවත්, (08) දිනයේදි එලවලු කිලෝ 73000ක් ප්‍රවාහනය කල බවයි කලමණාකාරවරයා කියා සිටියේ.

නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!