තරු ගොසිප්

“සාදරයෙන් පිළිගන්නවා මගේ රත්තරන් Moana…” – තිසුරිගේ ජීවිතයට පැමිණි අලුත්ම සතුට..

මුළු රටේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී **තිසුරි යුවනිකා**ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් මේ වනවිට ආරම්භ වී තිබේ. ඇගේ කුලුඳුල් දියණියගේ පළමු රුව සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කරමින් ඇය මෙම සුන්දර සතුට රසිකයින් සමඟ බෙදාගත්තේය.

සේයාරූ කිහිපයක් ඇතුළත් වීඩියෝවක් හරහා තිසුරි සඳහන් කරන්නේ, පුරා මාස දහයක් තමන්ගේ හදවත යට ජීවත් වූ ඒ අතිශය ආදරණීය ආශ්චර්යය දැන් ඇගේ දෑතට පැමිණ ඇති බවයි. මවක් වීමේ අත්දැකීම ඇයට ජීවිතයේ විශේෂම මොහොතක් බවත් ඇය ඒ සමඟ පළ කළ සටහනේ දැක්වේ.

තම දියණියට ඇය “මෝවානා” (Moana) යන නම තබා ඇති අතර, “අද මම මගේ දෑතින් දරාගෙන ඉන්නේ මගේ ජීවිතයේ වටිනාම ආශ්චර්යයයි” යනුවෙන් ඇය අතිශය හැඟීම්බරව ලියා තිබුණා.

“අම්මයි තාත්තයි ඔයාට සදහටම ආදරෙයි” යන ආදරණීය වචනත් සමඟ පළ කළ මෙම සටහනට කලා ලොවේ මිතුරන් සහ රසිකයින් දහස් ගණනින් සුබ පැතුම් එක් කරමින් සිටිනවා.

තිසුරිගේ සහ ඇගේ සැමියාගේ කැදැල්ලට එක් වූ මේ පුංචි දේවදූතී, ඇගේ ජීවිතයට පැමිණි ලස්සනම ආශ්චර්යයක් බව කියන්නට කිසිදු සැකයක් නැහැ.(Ape Rata)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!