තරු ගොසිප්

” අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි.. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘහණියක්. තාත්තගෙයි, අම්මගෙයි හයියෙන්, අපේ අසීමිත උත්සාහයෙන් අද වෙද්දි නිදහස් අධ්‍යාපනයයේ උපරිම ඵල නෙලාගන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.”

මේ කතාව නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිය සුපිරිම පවුලක් ගැන…

අපේ පවුලේ ගැහැණු ළමයි 05 දෙනයි.. අපේ තාත්තා ධීවර කාර්මිකයෙක්, අම්මා ගෘහණියක්. තාත්තගෙයි, අම්මගෙයි හයියෙන්, අපේ අසීමිත උත්සාහයෙන් අද වෙද්දි නිදහස් අධ්‍යාපනයයේ උපරිම ඵල නෙලාගන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

මේ ගමන් කොච්චර දුක්, කම්කටොලු , බාධක මැද ආපු ගමනක්ද කියලා දන්නේ අපිම විතරයි.
තාත්තා මහ මුහුද එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී, අම්මා තනියම අපිව බලාගෙන අපිට මේ පොලවේ පයගහලා ඉන්න පුලුවන් තැනට අපිව ගෙනවා. ගැහැණු ළමයිම 05 ක් නේද කියලා සමාජයෙන් සමහර කතා ආවත්, තනියම දෙයක් කරන්න පුලුවන් වෙන විදියට අපිව උස් මහත් කරලා, මේ තැනට ගෙනාවේ ඔයාලා දෙන්නම විතරයි. ඔයාලා දෙන්නා අපි වෙනුවෙන් නොකරපු දෙයක් නෑ.අදටත් අපිම වෙනුවෙන් වෙහෙසෙන අම්මාටයි, තාත්තටයි අපි සදා ණයගැතියි. ඔයාලාගේ හීන අද පාට පාටින් බැබලිලා තියෙනවා. තව පොඩි කාලයකින් අපි මේ පින්තූරය සම්පූර්ණ කරමු

නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන්

අක්කා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීථයේ , දැන් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරියක්

දෙවනියා මම කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ , දැන් නීතිඥවරියක්

තුන්වැනියා රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ , දැන් පුහුණුවන කළමණාකාරවරියක්

හතරවැනියා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ , දැන් ඉන්ජිනේරුවරියක්

අන්තිමයා රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ

හීන පොදි බැදගෙන අපි යන ගමනේ අපිට හයියක් වෙන සැමට තුති.

සටහන – නිතිඥ චිෂානි තේනුවර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!