Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මෙච්චර කල් අපි විසි කරපු කොමඩු ඇටේ හැංගිලා තිබුණු රහස් ඔක්කොම එළියට!

ඔබ කොමඩු කනකොට ඇට ටික කුණු කූඩෙට විසි කරන කෙනෙක්ද?

එහෙනම් මේ කතාව අහපුවාම ඔයාට ඔයා ගැනම දුක හිතෙයි! රස්නේ දවස්වලට කූල් එකේ කොමඩු කෑල්ලක් කන්න කවුද අකමැති? හැබැයි අපි කවුරුත් නොදන්න, කොමඩු මදයටත් වඩා පුදුම හිතෙන ගුණ ගොඩක් මේ විසි කරන කොමඩු ඇටේ හැංගිලා තියෙනවා කියලා ආයුර්වේද වෛද්‍ය එෆ්. ශානියා සහාමා මහත්මිය හෙළි කරලා තියෙනවා.

විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වයට මේක නම් රත්තරන් වගේ ආරංචියක් වේවි. අද කාලේ ගොඩක් අය රහසේ පීඩා විඳින මඳසරු බවට වගේම ලිංගික බෙලහීනතාවයට කොමඩු ඇට කියන්නේ කියාපු ස්වභාවික ඖෂධයක්. මේකේ තියෙන ‘ලයිකොපින්’ නිසා පුරුෂ ශක්තිය උත්තේජනය වෙනවා වගේම ශුක්‍රාණු වර්ධනයටත් පුදුම සහයෝගයක් ලැබෙනවාලු. ඒ විතරක් නෙවෙයි, මහත් වෙලා බඩ ඇවිල්ලා කියලා දුක් වෙන අයට කෙට්ටු වෙලා සිහින් සිරුරක් හදාගන්නත් මේක නියම විසඳුමක්. කැලරි අඩු, මේදය සහ කොලෙස්ටරෝල්වලින් තොර කොමඩු නිතර කෑවම නිරායාසයෙන්ම බර අඩුවෙනවා.

ඔයාගේ සමේ තෙතමනය නැති වෙලා වයසට ගිය පෙනුමක් ඇවිත් නම්, දිනපතා උදේට කොමඩු යුෂ වීදුරුවක් බීලා බලන්න. කොමඩුවල 90%ක්ම තියෙන්නේ ජලය නිසා සම පැහැපත් වෙලා තරුණ පෙනුමක් එන එක වළක්වන්න කාටවත් බෑ. ඒ වගේම බඩේ අමාරු, ගැස්ට්‍රයිටිස් සහ අර්ශස් වගේ ලෙඩවලින් දුක් විඳින අයටත් මේක දිව ඔසුවක්. බඩවැලේ ඉන්න නරක බැක්ටීරියා අයින් කරලා ඉදිමුම් අඩු කරමින් කෑම හොඳින් ජීර්ණය කරන්න කොමඩු ඇටවල තියෙන තන්තු උදව් වෙනවා. ආහාරවල තියෙන විෂ නසන්න වගේම ඉරුවාරදය සහ විවිධ අසාත්මිකතාවලටත් මේක කදිම බෙහෙතක්.

ලෙඩ රෝග ගැන කතා කරද්දී, කොමඩු ඇට කියන්නේ ප්‍රබල මුත්‍රා වර්ධකයක්. වකුගඩු දුර්වල වෙලා මුත්‍රා ගල් හැදිලා ඉන්න අයට කොමඩු ඇට කුඩු කරලා කෝපි වගේ බිව්වොත් ඒ අමාරු ඔක්කොම සමනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ඇට වේළලා කුඩු කරලා හදන තේ එක බිව්වම දියවැඩියාවත් පාලනය වෙනවා. කොමඩු ඇටවල තියෙන සිටුලීන් කියන සංයෝගය සහ ඔමේගා 6 මේද අම්ල නිසා රුධිර නාළ මහත් වෙලා ඇඟේ කොලෙස්ටරෝල් දහනය වෙනවා. හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය තියෙන අයට මේකෙන් ලැබෙන්නේ ලොකු සහනයක්.

යකඩ, ෆෝලේට්, විටමින් B6, පෝටෑසියම්, මැග්නීසියම් වගේම විටමින් A සහ C වලින් පිරිලා තියෙන කොමඩු කියන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඉහළ නංවන සුපිරි කෑමක්. ඇඟට අවශ්‍ය ඔක්සිජන් ගෙනියන්න රුධිරයේ හිමොග්ලොබින්වලට සහය දෙන්නත්, අස්ථි පද්ධතිය නිරෝගීව තියාගන්නත් මේකෙන් ලොකු සේවයක් වෙනවා. ඉතින් මින්පස්සේ සිරුර සිසිල් කරන මේ දිව්‍යමය ඖෂධය කද්දී, ඇට ටික විසි කරන්න කලින් මේ පුදුම හිතෙන ගුණ ටික ගැන අනිවාර්යයෙන්ම මතක් කරගන්න!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!