Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ආහාරයට ගත් උළුදු වඩයෙන් හම්බුන දේ දැක්කොත් ඔබත් පුදුම වෙයි…

කියන්නේ ජනප්‍රිය කෑමක්… ඉන්දියානු තාලෙට කන්න කැමති අය අනිවාර්‍යෙන්ම උලුදු වඩ කනවා… උලුදු වඩ හරිම රහයිනේ… ඒත් මේ කියන්න හදන්නේ උලුදු වඩයකින් හමුවුණු පුදුම හිතෙන දෙයක් ගැනයි…
වවුනියාව නගරයේ ආපන ශාලාවකින් ඊයේ (03) පාරිභෝගිකයෙකු මිලට ගත් උලුදු වඩයක් තුළ තිබී හැට්ට කටුවක් හමු වී තිබෙනවා.

එම පාරිභෝගිකයා උලුදු වඩේ මිලට ගෙන නිවසට රැගෙන ගොස් නිවසේ උදවිය සමග ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදීයි එක් උලුදු වඩයක් තුළ හැට්ට කටුව තිබී හමු වී ඇත්තේ.

මේ පිළිබදව ආපන ශාලාවේ හිමිකරු හමු වී ඔහුට බැණ වැදීමෙන් පසුව පරිභෝගිකයාගෙන් සමාව ඉල්ලා ඇති ආපන ශාලා හිමිකරු ඔහුට උලුදු වඩේ වෙනුවෙන් අයකර ගත් මුදල ආපසු ලබා දී තිබෙනවා.

වවුනියාවේ ආපන ශාලාවල අලෙවි කරනු ලබන අහාර ද්‍රව්‍යවලින් විවිධ අනතුරුදායක දේ හා අපද්‍රව්‍යද, සතුන්ගේ මල කොටස්ද හමුවීම මෑතක සිට වැඩි වී තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!