Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

දියවැඩියාව නැත්තටම නැති කරගන්න නම් මෙන්න නියම බෙහෙත… කෝවක්කා වල ඇති විශ්මිත ගුණ මෙන්න

 

කෝවක්කා දියවැඩියාවට ඉතා ගුණදායක ඖෂධයකි. සලාද සහ ව්‍යාංජන ලෙස සාදා ආහාරයට ගත හැකි කෝවක්කාවලට කොස් ඇට වතුර එකතු කර රසවත් ව්‍යංජනයක් ලෙසද සාදාගත හැක. කොළ තැම්බූ ජලය පානය කිරීමද ඉතා ගුණදායක වේ.

කෝවක්කා ග්‍රෑම් 100 ඇති පෝෂණ ගුණය ලෙසින් විටමින් සී 1.4ක්ද කාබෝහයිඩ්‍රේට් 1.4 කැල්සියම් මිලිග්‍රෑම් 40, පොස්පරස් මිලිග්‍රෑම් 30, ප්‍රෝටීන් ග්‍රෑම් 1.2, රයිබොප්ලෙමින් මිලිග්‍රෑම් 0.8 අඩංගුව පවතී.

මෙම කෝවක්කා ඉදුණු ගෙඩි පළතුරක් ලෙසද කෑමට ගත හැක. එමෙන්ම කෝවක්කා කොළ හොඳින් වේලා එය ඖෂධීය පානයක් ලෙසද පානය කළ හැක. මළබද්ධයටද කෝවක්කා ගෙඩි ඉතා ගුණදායක වේ. ගෙඩි මඟින් රැධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට අඩුකර ගැනීමට උපකාරී වේ. අක්මාවට හිත එන්සයිම අඩංගුවේ. ලාදුරැ රෝගීන්ටද, ශ්වාස ප්‍රදාහ අවස්ථාවලදීත් කෝවක්කා ගෙඩි සහ කෝවක්කා කොළ ඉතා ගුණදායක වේ.

මධුමේහය හෙවත් දියවැඩියාවටත්, නොයෙක් විෂ ශරීර ගතවීම නිසා ඇතිවන ඖෂධවල සංකූලතා නිසාද ආහාර මගින් විවිධ විෂ ශරීර ගතවීමෙන් අක්මාවේ ඇතිවන යම් යම් අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයටද කෝවක්කා ඉතා ගුණදායක වේ. බෝ නොවන රෝග සඳහා සාදනු ලබන කසාය වර්ග බොහෝමයකට කෝවක්කා යොදාගනී. කාන්තාවන්ගේ ආර්තවයේදී අධික ලෙස රැධිරය පිටවීම අඩුකිරීමටද උදව් වේ. කාන්තාවන්ගේ සුද යාමේ රෝගයටද අක්මාව ඉදිමුම සඳහාද, බෝ නොවන තුවාල සඳහාද කෝවක්කා ඉතා යෝග්‍ය වේ.

කැස්ස, ඇදුම, වැඩිපුර මුත්‍රා පිටවීම, උණ, ලේ හීනවීම (රක්තහීනතාවය) වැනි රෝග සඳහාද කෝවක්කා ඉතා ගුණදායක ඖෂධයකි. බොහෝ දියවැඩියා රෝගීන් කෝවක්කා හිතුමතේට ආහාරයට ගනී. නමුත් දියවැඩියා රෝගීන් කෝවක්කා ආහාරයට ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබාගැනිම අවශ්‍යය. දියවැඩියාවට කෝවක්කා ඉතා ගුණදායක වුවද සිරැරේ පවතින සීනි අසාමාන්‍ය ලෙස අඩුවී ඉතා භයානක රෝගී තත්ත්වයක් ඇතිවීමටද ඉඩ තිබීම ඊට හේතුවය.

සමේ ඇතිවන විවිධ රෝග සඳහා කෝවක්කා කොළ කොටා ආලේප කිරීමෙන්ද ඉතා ගුණදායක වේ. සිරුරේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමටද අස්ථි ශක්තිමත් කරලීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිය පාලනය කිරීමටත් උපකාරී වේ.

හෘදය, අක්මාව, වකුගඩුවල නිසි පෝෂණය පාලනය කිරීමේ සහ රුධිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී හැකියාවක් මෙම කොළවල පවතී.

කෝවක්කා පළතුරක් ලෙසද, සුප් එකක් ලෙසද ඔසු පානය කිරීමට යොදාගත හැකි අතර නිරෝගී පුද්ගලයන් සඳහාද කෝවක්කා ඉතා ගුණදායකය. යම් රෝග සඳහාම කෝවක්කා ආහාරයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කෝවක්කා ආහාරයට ගැනීමට අමතක නොකරන්න.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!