දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්..

වෙනකොට අපේ රටේ තරුණ තරුණියන් විවාහය ගැන විවිධ මත පළ කරනවා.. ඒ ගැන ඇසෙන කතා අතර මේ කියන්න යන්නේ තවත් විශේෂ වූ දෙයක් ගැනයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා…

එහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි..

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමටත් එහිදී යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ..

එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධානය යොමුව තිබෙනවා..

නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න විසින් ඉදිරිපත් කළ සංශෝධන කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ..

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!