Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

කතානායක හිස් වැසුමේ කොන් එක් කර ඇත්තේ වැරදීමකින්..!

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදිමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.

එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවත් හෙතෙම සඳහන් කර ඇත.

හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ දී නව කථානායකවරයාගේ හිස් පළඳනාව එකට එක් වී තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළවෙමින් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!