දේශීය පුවත්

ශ්‍රි ලංකා රේගුව ට්‍රිලියන 1.5ක ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ.

අනුව රුපියල් ට්‍රිලියන 1.515 ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය.

එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ.

රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රේගුවටහැකිවී ඇති බව සඳහන්ය

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලියකාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!