Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී දැයෙන් සමුගත් සත්සර ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න…

2025.04.01 වන දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන නිර්දේශ 2025.04.06 වන අද දින වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!