Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

‘ මං විතරක් නෙමෙයි දැන් ඈව හයියට අල්ලගන්ට මයේ පුතත් ඉන්නවා ‘ මාධවී ගැන කාලෙකට පස්සේ ආදරණීය කසුන් කියන කතාව

දෙදෙනාගේ ආදරයට මොන තරම් බාධා එන්න ඇතිද..? ඒත් අද එයාලා ගොඩක් සතුටෙන්..

මාධවී වගේම කසුන් ඒ දෙන්නාගේ ආදරයට මුල පුරන්න ඇත්තේ ගොඩක් අපහසුවෙන් වුණත් අද වෙද්දී ඔවුන් දෙදෙනා ඒ ආදරය ජයගෙන තිබෙනවා.. ඒ අතීතය ගැන කසුන් මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා..

“අපි අපේ ප්‍රේම සම්බන්ධෙ පටන්ගත්තු මුල බැලු බැලු අත තිබුණෙ බාධක විතරමයි. අපේ ආදරේ ගැන ආරංචි වුණාම හතර අතින් මතුවුණේ කුණුකතා විතරමයි. ඒ හැමදේමත් දරාන මුවැත්තියක් වාගෙ මයෙ උරහිසේ හිස හොවාන එතකොට මාධවී මගෙන් ඇහුවෙ මෙච්චරමයි.
‘මගෙ අත හැමදාමත් තදින් අල්ලං ඉන්නවා නේද ?’
එවෙලෙ එයාගෙ ඇස් දිලිසුණේ ලෝකෙ ලස්සනම තරු රටාවටත් වඩා ලස්සනට. මට පෙනුණෙම එහෙම. දෑසින් කඳුළු කැට රූරා වැටෙද්දි මං ඒවා පිසලද්දි ඈ ඒ කඳුළු මැද්දෑවෙන් හුරතලේ පාලා හිනාවුණා.
අපි වෙනුවෙන් කවුරුත්ම නොහිටියත් ‘අපිට අපි ඉන්නවනෙ’ කියලා එදා මට විසල් විශ්වාසයක් තිබ්බා. මං අදටත් හිතන්නෙ ආං ඒ සෙන්ස් එක තමයි ආදරේදි වැදගත්ම දේ කියලා. ලෝකෙ පෙම්වතුන්ට තමන්ගෙ පාට්නර්ට කොච්චරක් ආදරේ ද කියලා ඉලක්කමකින් කියන්ට බැරිවුණාට ආදරේ දැනුණම ඇත්තටම ආදරේ වෙනවා. හරියට පස්ල්ලෙකක කොටස් එකටෙක ගැළපුණාම දැනෙනවා වගේ ආත්මීය සතුටක් ඒක.
ඒ කාලෙ සමහර නෑයො තැන තැන කියලා තිබුණා ‘ඔය කසුන් ජීවිතේට අපේ එකීව කසාද බඳින් නෑ’ කියලා. පිටරට පදිංචි තවත් නෑදෑ ස්ත්‍රියක් මාධවීට දරුවො ලබන්න බෑ කියලත් කියලා තිබුණා. දැනටත් එකේක අය එකේක ජාතියෙ කතා තැන තැන කියෝනවා ඇති. ඒත් අපේ කතාව දන්නෙ අපි විතරමයි. ඒ නිසා කාටවත්ම වෛර නොකර අපි අපේ ගමන ආවා.
ජීවිතේ ලොකුම ඖෂධය ආදරේ කියලා හෙටත් මං විශ්වාස කරනවා. අපේ ආදර සෙවණැල්ල යට කෛලාෂ් පුතා දවසින් දවස ලොකු වෙනවා. අපි ඒ දිහා පුදුමාකාර සන්තෝසෙකින් බලාන ඉන්නවා. මේ සමාජෙට වැඩිපුරම අහිමි වෙලා තියෙන්නෙ ආදරේ. පුතා මතුදාක බෝම ආදරණීය මනුස්සයෙක් වෙන්ටයි කියලා ඉතිං මං ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
මයෙ පෙම්බරීගෙ ළමැද්දෙ මේ දැනුත් සනීපෙට තුරුල් වෙලා ඉන්න පුතණ්ඩියව දකිද්දි එදා මාධවී කඳුළු පුරෝගත්ත දෑසින් ‘මගෙ අත හැමදාමත් තදින් අල්ලං ඉන්නවා නේද ?’ කියලා අහපු හැටි මට මතක් වෙනවා. ඒකට හරිම උත්තරේ අනේ මේං දැන් හම්බෙලා තියෙනවා.
මං විතරක් නෙමෙයි දැන් ඈව හයියට අල්ලගන්ට මයෙ පුතත් ඉන්නවා ! ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!