දේශීය පුවත්

අදත් රටම කම්පා කරවන බස් රථ අනතුරක්… තුවාල ලැබූ සංඛ්‍යාව ඉහලට.. අනතුරේ නොදුටු දසුන් මෙන්න..!

අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

බස් රථයේ මඟීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Ada Derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!