Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මිද්දෙනිය සිද්ධියට අදාල සැකකරුවෙකු රට පනින්න යද්දි මාට්ටු…

මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (12) රාත්‍රියේ ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසිනි.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ කටුවන , අගුලන්දෙණිය ප්‍රදේශයේ පදිංචි, දොරේමුරේ බඩලගේ පසිදු සංජන නැමැති අයෙකි.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගැනීමෙන් පසු , මිද්දෙණිය පොලිසියේ විශේෂ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා රැගෙන ගියහ.

පෙබරවාරි 18වැනිදා සිදුකළ වෙඩිතැබීමකින් අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!