Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජනතාව අලින්ගෙන් බේරාගන්න 10,000ක පිරිස් බලයක් හෝ යෙදිය යුතු යි’- මහජන ආරක්ෂක ඇමති….

අලි – මිනිස් ගැටුමට තවදුරට ත් විසඳුම් දිය නොහැකි නම් 10,000ක පිරිසක් යොදවා හෝ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග්‍ර වන අතර තවදුරට ත් මිනිසුන්ගේ ජීවිත විනාශ වනවා දැකීමට නොහැකි බව ද අමාත්‍යවරයා කියයි.

ඒ අනුව, තාවකාලික විසඳුම් ලෙස ජංගම මුරකුටි, වාහන එමෙන් ම සිවිල් ආරක්ෂක නිලධාරීන් හෝ යොදවා අලි උවදුරින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව අමාත්‍යවරයා කීය.

මීට අවශ්‍ය වාහන ප්‍රමාණය කොපමණ ද නිලධාරීන් කොපමණ අවශ්‍ය ද යන්න සඳහන් කරන ලෙසත් දැනට සිවිල් ආරක්ෂකයන්ට හා 1,025ක් පමණ ලබා දීමට හැකි බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමිනි.

ඔහු එහිදී පැවසුවේ, අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විද්‍යාත්මක විසඳුම්වලට යන තෙක් තාවකාලික විසඳුම් ලෙස දහදාහක් හෝ යොදවා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ය.

විශේෂයෙන් ම මැදියම් රාත්‍රියේ පමණක් නොවෙයි උදෑසන හතට පමණද අලින්ගෙන් ජනතාවට හිරිහැර සිදුවන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ප්‍රදේශවල ජනතාව වුවද අලින්ගෙන් අනතුරු වුවත් එම ජීවිතවලට හිරිහැරයක් කිරීමට කිසිදු වුවමනාවක් නොමැති නමුත් ඔවුන්ගේ  මුළු ජීවිත කාලය පුරා ම සොයා ගන්නා දේ අලි උවදුරින් එක රැයින් විනාශ වීම තවදුරට ත් නොවිය යුත්තක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!