Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම තවදුරටත්

ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවය.

කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේදී වර්ෂාව ලැබීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24ම විවෘත කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

තවද මෝසම් වැසි මේ වන විට සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වැදගත් වන නමුත් පවතින තත්ත්වයන් අනුව මේ දක්වා අවදානම් තත්ත්වයක් මතුව නැති බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!