තරු ගොසිප්

මොකද්ද මේ දවස්වල හැමෝම කතා කරන නෙළුම් කුළුණේ කතාව… මෙන්න ඒ ගැන…

කාලෙකට පස්සේ කට ඇරලා “හොඳයි” කියන්න පුළුවන් සිංහල මූවි එකක් බැලුවා. පටන් ගත්ත වෙලාවේ ඉදල ‘සභාවේ සිනහා’ මධ්‍යයේ බැලුවට, අඬන්නත් තැනක් දෙකක් සෙට් කරපු වැඩක් මේක.

කතාව ගැන කිසිම අදහසක් නැති කෙනෙක් නම් ඔයා, චිත්‍රපටිය ගලාගෙන යන්නේ මළ ගෙයක් වටේ. මැරිලා තියෙන්නේ තාත්තා කෙනෙක්. හැබැයි වෙන මරණවල වගේ අඬල වැළපෙන්න වෙලාවක් නැහැ මේ ගෙදර මිනිස්සුන්ට. හේතුව තාත්තා මැරිල තියෙන්නේ කෙළින් වුණ ශිෂ්ණයක් එක්ක. පරණ වලව්කාරයෝ විදිහට පවුලේ ඉතුරු වෙලා තිබුණ නම්බුවේ අන්තිම ටිකත් හේදිලා යන මඟුලක් නිසා කොහොමහරි කෙළින් වුණ කුළුණ හංගලා අවමංගල්‍යය කටයුතු කරගන්න දඟලන පවුලක් දිහා තමයි අපිට පැය 2කට ආසන්න කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ.

ඉතාම විශිෂ්ට රංගනයක් එක්ක, ඩාර්ක් කොමඩියක් විදිහට සෑහෙන්න සාර්ථක නිර්මාණයක් කියල කියන්න පුළුවන් වැඩක් තමයි ‘නෙළුම් කුළුණ’ කියන්නේ. ඉලංගෝ වගේ වැඩ්ඩො තව තව මේ වගේ කොලිටි වැඩ ඉස්සරහට කරන්න ඕනේ අනිවාර්‍යයෙන්. මාර්කටින්වලින් දුවන ගොබ්බ වැඩ නැතුව මේ වගේ සිරා වැඩ නැගල යන්න ඕනේ හෝල්වල. ඒ නිසා අනිවාර්‍යයෙන් ගිහින් බලන්න ඉලංගෝගේ ‘නෙළුම් කුළුණ’.

නෙළුම් කුළුණ | 2025

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!