
උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී මියගිය 27 හැවිරිදි තරුණයෙකුගේ මෘතදේහය ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් ඊයේ (16) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලද දැනුම් දීමකට අනූව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.
මීටර් 355ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට වැටී තිබූ මෘතදේහය වෙත ළඟා වූ භට පිරිස්, කඳුකර භූමි ප්‍රදේශය හරහා විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් මෘතදේහය ඊයේ (16) දවල් 12.30ට පමණ ආරක්ෂිතව ඉවතට ගෙන ඒමට සමත්ව තිබෙනවා.
අනතුරුව, මෘත දේහය වැඩිදුර නීතිමය කටයුතු සඳහා උඩුදුම්බර පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව තරුණයෙක්



