Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

ඔයත් Underwears සෝදන්නේ නැතුව ඇදලා තියෙනවද ? එහෙනම් මෙන්න. Underwears සෝදන්නේ නැතුව දෙපාරක් තුන්පාරක් ඇන්දොත් වෙන දේ මෙන්න

හැමෝම කැමතියි ලස්සනට අඳින්න පළඳින්න. සාමාන්‍යයෙන් ඔයා salary ගත්තාම කරන්නේ ඇඳුම්, පැළදුම්, රූපලාවන්ය කටයුතු සහ ශරීර සුවතාවය වෙනුවෙන් වැය කරන එක. ඉතින් ඒ විදිහට ඔයා බාහිරින් ලස්සන වෙන්න කරන වියදමෙන් ඔයාගේ අභ්‍යන්තරය ලස්සන කර ගන්න. ඒ කියන්නේ girlsලා වගේම boysලත් භාවිතා කරන Underwears වගේ දේවල් ලස්සනට වගේම පිරිසිදුවට තියා ගැනීම අනිවාර්යයයි.

ඔයාගේ Underwears අපිරිසිදු වීමෙන් රහස් ප්‍රදේශ වල විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි එය ඔයා හිතනවට වඩා බරපතල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම ආසාදනයන්ට හේතු වන්නේ, අපිරිසිදු යට ඇඳුම් වල බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් නිසා ඇති වෙන පුස් හෝ දිලීර තත්වයන්.

අපිරිසිදු Underwears නිසා ඇති වන ආසාදන තත්වයන්

රහස් ප්රදේශ වල ඇති වන කැසීම
දුර්ගන්ධය
කුෂ්ඨ
අසාමාන්‍ය බිබිලි සහ තුවල
මුත්‍රා ආසාදන

අපිරිසිදු යට ඇඳුම් නිසා ඔයාගේ සිරුරේ රහස් ප්‍රදේශ වලින් හමන දුර්ගන්ධය නිසා පහසුතාවයන්ට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා වාහන වල ගමන් කරද්දී සහ AC Room වල ඉද්දි දුගන්ධ ගොඩක් තදින් අන් අයට දැනෙනවා.

ඒ නිසා හැමදාම ඔයා අඳින Underwears පිරිසිදු කර, හිරු එළියෙන් හොඳින් වේලාගන්න අමතක කරන්න එපා. ඒ වගේම Underwears වල අපිරිසිදු වීම කායික සබඳතාවලදි අහිතකර ලෙස බලපානවා. මොකද Underwears වල ඇති අපිරිසිදු බව නිසා ඔයාගේ සහකරු / සහකාරිය ඔයාට ලං වෙන්න අදිමදි කරන්න පුළුවන්.

දැන් ඔයාට තේරෙනවා ඇතිනේ Underwears පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම. ඒ නිසා ඔය කම්මැලිකම්, අතපසුවීම් පැත්තකින් තියලා දිනපතා ඔයාගේ Underwears පිරිසිදුව තබාගන්න උත්සහ කරන්න.

(උපුටාගැනීම behappy)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!