සයුරෙන් එහා පුවත්

ගුවන් අනතුරකින් ලිබියානු යුද හමුදාපති මරුට..

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය.

අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ.

අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා තිබුණි.

කෙසේ නමුත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

සිදුවීම සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

හමුදාපතිවරයා තුර්කිය වෙත පැමිණ ඇත්තේ, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධව වන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහාය.

අල් හඩාඩ්ගේ අභාවය සම්බන්ධව තෙදින ශෝක කාලයක් නම් කළ ලිබියානු රජය ඔහුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් ලෙස නම් කර තිබේ.

ada derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!