තරු ගොසිප්
පුංචි කෛලාෂ්ගේ හුරතලේ නම් එන්න එන්නම වැඩි වෙනවා. බලන්නකෝ කසුන් එයාගේ පුංචි පැටියා ගැන කියන අලුත්ම කතාව මොකද්ද කියලා…?

හැමෝම ආදරය කරන රෝසමලක් තමයි කෛලාෂ් කියන්නේ.. ඔන්න ඉතින් දැන් එයාගේ හුරතල් එන්න එන්නම වැඩි වෙලා..
අම්මාගෙයි තාත්තාගෙයි ලෝකේ වීරයා වෙලා ඉන්නේ මේ පුංචි පැංචා නේ.. මේ බලන්නකෝ පුංචි පුතා කරන වැඩ ගැන එයාගේ තාත්තා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
“මං එක්කම නින්දට යන – මට කලියෙන් ඇහැරලා මාවත් කූද්දන – මං ෂූටින් ගියාම, මීටින් ගියාම, එඩිට් වලට ගියාම දුක සේ හිඳින – මං එනතුරු අම්මාගේ පාළු මකන, පින්තූරෙක පවා අනේ මාව හොයන මයෙ කෛලාෂ් පුතේ මට මේ දැනෙන්නෙ අප්පච්චියෙකු වීමේ සොඳුරුතම හැඟුමයි..”




