දේශීය පුවත්

සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනයකර අවසන්…!

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අදප්‍රකාශ කළේය.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජයඅවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන්28,500ක් කැකුළු සහල් වන අතර ඉතිරි ම්‍රෙටික් ටොන් 38,500 නාඩු සහල් වන බවය.

මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බවට පවසමින් සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් මුදල් කොල්ලකන පුද්ගලයින්කිහිපදෙනෙකු පිළිබඳ අම්පාර පරගහකැලේ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!