Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අත්වැරදීමක් ගිය දුරක්.. ඒ සිද්ධිය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් එක්කම ඔහු ජීවිතය ගැන තීරණයක් අරගෙන..

 

ඇත්තටම මෙතන සිද්ධවුණේ ලොකු අතපසුවීමක්. ඔහුට කිසිම මොහොතක ඔවුන් සිතනවා වගේ කිසිම දෙයක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ..

ඒත් අවසානයේ මේ වුණු ලැජ්ජාව නිසාමදෝ ඔහු ජීවිතයෙන් සමුගන්නට තීරණයක් කරලා..

වතුකරයේ තරුණයෙකු ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න.. මහා මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඔහු කොල්ලකරුවෙකු යැයි වරදවා වටහා ගෙන ගම්වැසියන් විසින් පහර දී තිබෙනවා.

කොළඹ සිට වැලිමඩ දක්වා බස්‍ රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, බස් රථය තුළදීම නින්දයාම හේතුවෙන් තම ගමනාන්තය මගහැරී වෙනත් තැනකින් බැස ගමන් කිරීමේදී මෙලෙස පහරදීමකට ලක්ව තිබෙනවා.

අදාළ පුද්ගලයාට පහර දෙන විඩියෝව ගම්වාසියෙකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

එම සමාජ මාධ්‍ය වීඩියෝව දැකීමෙන් පසුව පහර කෑ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියදිවි නසාගෙන තිබෙන්නේ, වින්දිත රාමචන්ද්‍රන් පුවනේෂ්වරන් නොහොත් මුරලි නැමති වයස 34ක් වූ පුස්සැල්ලාව රොත්ස්චයිල්ඩ් වතුයායේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ, රොත්ස්චයිල්ඩ් වතුයායට යන අතරතුර ඔහු බස් රථයේ නිදාගෙන අලුයම 2.00ට පමණ රම්බොඩ ප්‍රදේශයෙන් බැස ඇති බවයි.

තමා ගමන් කළ මාර්ගය මගහැරුණු නිසා උදව් පතා දොරට තට්ටු කිරීමෙන් පසුව, ඔහු සොරෙකු යැයි සිතා නිවැසියන් කෑගසා තිබෙනවා.

එම ශබ්දය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට දිව ගොස් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.

පසුව ඔහුව ගසක බැඳ කොත්මලේ පොලිසියට භාර දී තිබෙන අතර, ඔහු සම්බන්ධයෙන් සිදුකළ ප‍රීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙන්නේ ඔහු නිර්දෝෂී බවයි.

එමෙන්ම පුද්ගලයාගේ දෙමව්පියන් මියගොස් ඇති බවත්, ඔහුගේ එකම සහෝදරිය වෙනත් ප්‍රදේශයක ජීවත්වන බවත් හෙළිවී තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු රොත්ස්චයිල්ඩ් වතුයායේ ඥාතීන්ට භාර දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුට පහර දුන් පුද්ගලයින් සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණා.

කොත්මලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!