දේශීය පුවත්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නේ මෙහෙමයි

ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේම ජාතික ජන බලවේගය බලයට ඒමට පෙර තෝරාගත් සමාගම් දෙක තුනකට පමණක් ඉන්ධන සැපයීමට ඉඩ ලබාදී තිබූ බවත් ඔහු සඳහන් කර ඇත.

එහෙත් නව පාලනය යටතේ වඩාත් විනිවිදව ප්‍රසම්පාදන කටයුතු කිරීමත් සමග සමාගම් 5ත් 10ත් අතර සංඛ්‍යාවක් තෙල් සැපයුම්වලට ඉදිරිපත්ව ඇති බවද මයුර නෙත්තිකුමාර පවසා තිබෙනවා.

කෙසේ වෙතත් වර්තමානයේ ඉන්ධන මිලදී ගැනීමේදී යම් යම් වෙළෙඳපොළවල්වලට සීමා වී ඇති බවත්, ඉදිරියේදී අප්‍රිකානු හා වෙනත් වෙළෙඳපොළවල්වලින් ඉන්ධන මිලදී ගැනීමේ සැලසුමක්ද ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!