Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක්

රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්ට ආශිර්වාද කිරීම සඳහා රෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ (23) එහි වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෝභිත හිමියෝ මෙසේද කීහ.

“අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි. ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්. අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා. රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. අප බලාපොරොත්තු වන “සිස්ටම් චේන්ජ්” එක මෙයයි.

තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.

මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි. මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි. පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්. ජනපති දෙන මේ ආදර්ශය මැති ඇමතිවරුන් මෙන්ම ඇති හැකි සියලු දෙනා විසින් ලබාගත යුතුයි.

( අංජුල මහික වීරරත්න)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!